අධිකරණය SAITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන තීන්දුව දී අවසානය. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන හොඳ හෝ නරක ගැන දැන් ඕනෑවටත් වඩා කතා කර ඇත. නමුත් අවසාන ප්‍රථිපල ය වුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගන්නා ලෙස අධිකරණ නියෝගය ලබාදීම ය. මෙය ඉහල උසාවියකදී අභියෝගයකට ලක් විය හැකිය. එවිට මේ තීන්දුව වෙනස් වීමටද පුළුවන. නමුත් මෙහෙමෙ වූ යේ ඇයි.
අපි විශිෂ්ට ඉතිහාසයක් හා සංස්කෘතිය කට උරුම කම් කීවද අපගේ චින්තනය පසුගාමිය. සැබවින්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාව තුල ඇරඹීමට තිබුනේ මීට වසර තිහකට පමණ පෙරය. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නැවතුනේ විශාල ලේ ගංගාවක් සමගනි. ලංකාව වැනි රටක රජයකට අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු සමජ අවශ්‍යතා තනිව කල නොහැක. රජයක් ආදායම් ලබන්නේ බදු, දඩ හා භාණ්ඩාගාර බිල්පත් විකිනිමෙන්ය. එසේ නොමැති නම් රජය ලාභ ලැබීම උදෙසා ව්‍යාපාර වල යෙදිය යුතුය. උදාහරණ ලෙස ගුවන් සේවා, වරයා හා නාවික කටයුතු, රක්ෂණ ආදිය සැලකිය හැක. ව්‍යාපාර වලදී ලාභය මුල් තැන දුන්නද රජයක් ව්‍යාපාර කිරීමේදී මුල් තැන ලැබෙනුයේ සේවක අභිවෘධිය ය. මේ නිසා ව්‍යාපාර වල තරගයක් ලබා දීමට නම් විශ්ෂිත වූ කළමනාකරණය ක්‍රම උපයෝගී කර ගත යුතුය. නමුත් පසුගාමී රජයේ සේවක පිරිසක් සමග මෙය කිරීමට අපහසුය. පුද්ගලික අංශය ලාභය පරමාර්ථ කරගෙන වැඩ කරන නිසා සේවාව නිසි ආකාරයෙන් නොලැබෙනු ඇත.
පුද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව පුද්ගලික අංශය දායකත්වය දෙන අනෙකුත් සියලු සේවාවන්ද පුද්ගලික අංශයට ලබා දුන්නේ නියමිත කාල වකවානුවේ නොවේ. උදාහරණ ලෙස ප්‍රවාහනය, පාසල් අධ්‍යාපනය, රෝහල් සේවය සැලකිය හැක. නියමිත කාලයේදී රජය විසින් නිසි ප්‍රතිපත්ත්මය තීරණයක් ගත්තේ නම් පුද්ගලික අංශය නියාමනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදා ගැනීමට හැකියාවක් තිබුණි. දැන් බස් මුදලාලිලා සතුය. පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නැත. හරි හමන් සේවාවක් ලැබෙන්නේද නැත. පාසල් ද මුදලාලිලා සතුය. අනාගත පරපුර නිර්මාණය කරන්නේ ඔවුන්ය. ඒ ඔවුන්ට ඕනනේ ආකාරයටය. රෝහල් ද මෙසේමය. මොන දොස්තරද, මොන බෙහෙත්ද යන්න තීරණය කරනුයේ මුදලාලිය. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ පුද්ගලික අංශයට මේ සේවාවන් වලට ඇතුළු වීමට ඉඩ දුන්නේ නම් සපයන සේවාවේ ගුණාත්මක බව මිට වඩා තහවුරු කරගැනීමට ක්‍රම වේදයන් යොදා ගැනීමට තිබුණි. ඉහත සදහන් කර සේවාවන් පමණක් නොව අනෙකුත් පුද්ගලික අංශය සම්බන්ධ සේවාවන් වලටද පුද්ගලික අංශයට එක්වන්නට ලැබෙන්නේ ඒ සේවාව නිසි ආකාරයට සැපයීමට රජයට නොහැකි අවස්ථාවට ලඟා වූ විටය. ව්‍යාපාරිකයන් පැමිණෙන්නේ බොර දියේ මාළු බැමටය. එවිට 'උන්නා විදිහට මලා මදැයි' කියන්නා සේ මුදලාලිලා පැමිණ මඩිය තර කර ගනී.
මට මතක ආකාරයට නිසි කාලයේදී පුද්ගලික අංශයට සම්බන්ධ වීමට ලැබුණු එකකි IT degree ලබා දීම. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ICT ආයතනය BIT ආරම්භ කර අතර ඒ සමග තව ආයතන ගණනාවක් IT උපාධි ආයතන ආරම්භ කරන ලදී. මුල් කාලයේදී ඒවායේ ගුණාත්මක බව ගැන ප්‍රශ්න තිබුනද දැන් එම ආයතන වලින් උපාධි ලබාගත් බොහෝ පිරිස් විවිධ ආයතන වල රැකියා කරයි. එදා මෙන් IT උපාධිය කොළඹ හා මොරටුව විශ්විද්‍යාලය වලට පමණක් සිමා වුයේ නම් ලංකාවේ IT ක්ෂේත්‍රය අද විශාල අර්බුදයකට පත්වනු ඇත. තවමත් පුද්ගලික උපාධි ආයතන නියාමනය කිරීමට ප්‍රමාණවත් ආයතනයක් හෝ ක්‍රමවේදයක් නැත. විශ්ව විද්යාල කොමිෂන් සභාව උපාධිය නියාමනය කලත් ආයතනික වශයෙන් සිසුන් ප්‍රමාණය, අවශ්‍ය පහසුකම්, මිළ, විෂය මාලා ගැන සොයන්න කිසිවෙක් නැත. ඒ උපාධි ආයතනය වල ගුණ අගුණ ගැන දැන ගන්න ලබනුයේ ඊට පෙර ඉගෙන ගත සිසුවෙකුගෙන් හෝ එම ආයතන විසින්ම සපයන තොරතුරු වලින් පමණි.
මේ නිසා බොහෝ විට අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර සඳහා වෙනත් මොඩලයක් යොදා ගත යුතුය. සමහර රටවල රජය සමග එක්වී පුද්ගලික ආයත මේ ක්ෂේත්‍ර වල ක්‍රියා කරන අතර තවත් රටවල ලාභ නොලබන ආයතන (not-for-profit) ලෙස ක්‍රියා කරයි. මෙහිදී සේවකයන්ට වැටුප් හා අනෙකුත් දීමනා නිසි පරිදි ලැබෙන අතර, අයතනයේ නඩත්තු කිරීම සඳහා සේවාවට යම් මිලක් නියම කරයි. ඉතිරි වන මුදල්ද යොදවනුයේ ආයතනයේ උන්නතිය සඳහාය. මේ ක්‍රමය මගින් ලෝකයේ විශ්ව විද්‍යාල සීග්‍ර දියුණුවක් ලබාගෙන ඇත. ඔවුන් ශිෂ්‍යයන්ගෙන් මුදල් ය කරයි. කථිකාචාර්ය වරුන්ට හා සේවකයන්ට වැටුප් ගෙවයි. විවිධ පර්යේෂණ සඳහා මුදල් යොදවයි. විශ්ව විද්‍යාලයේ සියළු බරපැන ඔවුන් විස්න්ම සොයා ගත යුතුය. විශ්ව විද්‍යාලයේ ranking වගේම උපාධියේ මිලද ඔවුන් තීරණය කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා රජයට මිට කාලයකට ඉහතදී තිබුනේ පුද්ගලික වෛද්‍ය විද්යාල ආරම්භ කිරීමට අවශ්‍ය නිර්ණායක ලබා දීමය. එවිට ඒ අවශ්‍ය කාරනා සපුරන ඕනෑම කෙනෙකුට හෝ ආයතනයකට වෛද්‍ය විද්යාල ආරම්භ කල හැක. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය දැනුනු විට එය ආරම්භ කිරීමට මාන බලන්නේ ව්‍යාපාරිකයන් ලාභය සඳහා මිස ගුණාත්මක බව රැකීමට නොවේ. පුද්ගලික බස් සේවාව මගින් ප්‍රවාහන සේවයට ලැබුණු දෙයම පුද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා සෞඛ්‍ය සේවයට ද ළඟදීම ලැබෙනු ඇත. එපමණක් නොව ඉදිරියට පුද්ගලික අංශයට ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථා ලැබේ යි අනුමාන කල හැකි දුම්රිය සේවයටද සිදුවන්නේ මේ නැස්පත්තියමය. දැන්වත් 'මට නැති නම් උබටත් නැහැ..' සංකල්පයෙන් මිදී වඩා පුළුල් මනසකින් ප්‍රශ්න දෙස බැලීමට සිතන්නේ නම් යහපත්ය.
Thursday, 2 February 2017
SAITM නඩුවෙන් වත් ඉගෙන ගනිමු....
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් කළේ
Aruna
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් වූයේ
Thursday, February 02, 2017
No comments:
සඳහන් වන දේ:
දේශපාලන,
පුද්ගලික වෛද්‍ය විද්‍යාලය,
විවිධ
Wednesday, 1 February 2017
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය...
අද පොඩි කොල්ලා ඉස්කෝලේ යන පළමු දවස. ඌ වයසින් වගේම උස මහතින් උනත් පොඩි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්න්ම පොඩි එකා. ගෙදර හැමෝගෙම හුරතලා... වෙලාවකට අත දරුවා... තව වෙලාවකට බලු පැටියා... තවත් වෙලාවකට හොර පුස් පැටියෙක්. පොඩ්ඩක්අ සද්ද නැති නම් අම්මයි මමයි දන්නවා මොනවහරි ගේමක් තමයි කියලා...අයියා තමයි පුර්වාදර්ශයට ගන්නේ... ඒ කියන්නේ අයියා කරන හැම දේම එයටත් කරන්න ඕනනේ. හැබැයි අයියා කරන විදිහට නෙමෙයි..එයාගේ විදිහට... අකුරක් ලියන්න ගියත් සෙල්ලමක් කරන්න ගියත් එහෙමයි... 'අයියා කරාද මමත් කරන්න ඕනනේ'..'නැති නම් මටත් ඕනනේ..'. එත් මට ඕන විදිහට...එයාගේ නිදහසින් එයා උපරිම ප්‍රයෝජනය ගන්නවා... ඒ හින්දම එයා අතින් නිර්මාණය වන දේ විවිධයි.
වෙලාවකට ඉස්කෝලේ යාම ගැන ඇතිවන්නේ දුකක්... එකක් එයා මගෙන් ඈත් වෙන එක දිනයේ හොඳම කාලයේදී... මීට පස්සේ හිටපු ගමන් මගේ ඔඩොක්කුවට පනින්න.. කකුලේ ඇවිල්ලා දැවටෙන්න කව්රුත් නැහැ... ඒ හින්දා තනිකම ගොඩක් දැනේවි..අනිත් දුක එයාගේ තියෙන නිර්මාණාත්මක හැකියාව මීට පස්සේ අච්චුවකට දාලා හරි ගස්සා වී ඉස්කෝලෙදි. එක්කෝ එයා ඒ විදිහට පුරුදු වේවි... නැති නම් ගුරුවරුන්ට වදයක් වේවි.. එහෙම නැති නම් එයාට ඉස්කෝලේ එපා වේවි... අන්තිම එක නැතිව වෙන ඕන දෙයක් උනාට කමක් නැහැ...පොඩි හරි සැනසිල්ලකට තියෙන්නේ මෙහෙ ගුරුවරු පුදුමාකාර විදිහට ඉවසීමයි. අපිට ඉස්කෝලෙදි කිව්වෙත් 'කියන විදිහට කරපං නැති නම් මකබවිලා පලයන් කියලනේ..' වාසනාවකට එහෙම කියන්නේ නැහැ...අනික අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශේෂත්වය යි. අපි ඉස්කෝලෙදි ඔක්කොම එකම ලෙවෙල් එකක තියාගෙන ගුරුවරු ඉගැන්නුවේ... හැමෝම කියෙව්වේ එකම පොත.. හැදුවේ එකම ගණන... නමුත් දැන් වෙනස්... ළමයට ලොකු පන්තියේ පොත් කියවීමට හැකියාව තියෙනවනම් ඔහුට ඉඩ තියෙනවා එතනින් පටන් ගන්න... ගණන් ඇතුළු අනිත් විෂයන් උනත් එසේමයි...
මගේ කොල්ලා හොඳට ඉගෙන ගන්නවානම් හොඳයි. එත් එයා කැමති දෙයින් අනාගතය ගොඩ නගා ගන්න එයාට නිදහස වගේම අයිතියත් තියෙනවා එක කොන්දේසියක් මත. එයා මොනවා කරත් අධ්‍යාපනය කරන්න ඕනනේ එක්තරා මට්ටමකවත්. මොකද මොන හැකියාව තිබුනත් ක්ෂණයකින් එය නැතිවෙන්න පුළුවන්. හරියට දක්ෂ වයලින්එ වාදකයෙකුට අනතුරකින්හෙ ඇඟිල්ලක්ම අහිමි උනොත් මොකද කරන්නේ...එදාට කරපු අධ්‍යාපනයෙන් තමයි දිවි රැකගන්න රස්සාවක් හොයා ගන්න වෙන්නේ..
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ.. //
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ..//
අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතාලා
ඔහු පන්තියේ තියලා
මා වෙන් කළ මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුනයි
මේ හැඟීම් බර අවස්ථාවේ මට මතක් උන්නේ මේ ගීතය... මේ කියන සියලු දේ සිදු නොවුනත් ඒ මොහොතේ ඇති වන තනිකම හා පාළුව මටද එසේමයි.
https://www.youtube.com/watch?v=2EQ-LnGVIug

Wednesday, February 01, 2017
No comments:
Sunday, 27 November 2016
ලා සඳ එළියේ නා පෙති හැලිලා
ලා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......
නා මල් පෙති වැටුණු යායකට ලා සඳ එළිය වැටුණු විට එයින් ඇති වන චමත්කාරය වචනයෙන් විස්තර කල නොහැක. සිංහල ගීත සාහිත්‍ය යේ ලා සඳ එලිය ඉදිරියේ දිග හැරුණු ශුන්ගාරය සමග දිගහැරුණු ප්‍රේමය ගැන ගීත බොහෝමය. නාමල් සුවඳ මුසු වීමත් සමග මේ චමත්කාරය දෙගුණ තෙගුණ වී යයි. එසේම නාමල් සුවදත් සමග ඒ ශුන්ගාරාත්මක රාත්‍රියට පහන් බවක් එසේ නොමැති නම් නිවුණු බවක් ගෙන දෙයි.මෙවන් රාත්‍රියකදී මේ කාන්තාවගේ 'දිවි රැය' මල් සුවදින් ප්‍රබෝධමත් වී ඇත. අවට පරිසරය සේම ඇයගේ ප්‍රබෝධමත් වූ ජිවිතයේ රාත්‍රිය තම ස්වාමියාගෙන් ඉල්ලනුයේ සඳ දියයි. සඳ දිය පිවිතුරුය. එය නොකිලිටිය.ඇයට තම ස්වාමියාගෙන් අවැසි වන්නේ පිවිතුරු ආදරයයි.
මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වේ
ඔබගෙනි සැප දුක විමසන්නේ..........
ඇය මේ පුරුෂයා සමග කෙතරම් බලාපොරොත්තු තබා ගෙන ඇති බව පවසන්නට යොදා ඇති සීමිත පදවැල් ගණන අසීමිත මානයක් පෙන්වයි. අයගේ මවත් පියත් මින්පසු ඔහුය. ඉෂ්ට දේවතාවන් ඔහුය. ඇයගේ දුක සැප සොයා බැලීම සේම, මව ගෙන් පියාගෙන් ලැබුණු රැකවරණය ද මින්පසු බලාපොරොත්තු වන්නේ ඔහුගෙනි.
නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳුනේ.................
මේ මුළු ගීතයේම සාරාංශය මේ පද කිහිපය කියයි. 'ඔබේ දෙපා මත හිස රදවන්නම් - පළමු වතාවට හිමි සඳුනේ...' යි පවසන්නේ තොල් පෙති සිඹ දෑස් පියාගෙන ය. තමන්ට හුරු පරිසරයෙන් නික්මී අළුත් ජිවිතයක් ඇරඹීමට පැමිණි ඇය වෙන කවුරුත් නොව දයා අල්විස් නම් කිවිඳි ය යි මට සිතේ. මේ ගීතයත් සමග කෙතරම් දයාබර පරහිතකාමී පුද්ගලයෙකු වුවද ප්‍රේම් ගැන මට ඇතිවන්නේ ඔහු නොකළ යුත්ත්තක් කළාය වැනි හැඟීමකි.
එච් එම් ජයවර්ධනගේ සංගීතය පද රචනාවට උචිතම සංගීතය යි සිතිය හැක. සමහර ප්‍රවීනයන් ගීත වලට සංගීතය එක කිරීමේදී ගායකයාගේ හැකියාව වගේම පද රචනාවේ අගය අතික්‍රමණය කරනවා දැක ඇත. එසේම ගායකයා සමහර විට ඒ ගීතයේ සංගීතය, පද රචනාව අතික්‍රමණය කරනවා දැක ඇත. පදරචකයාද එසේමය. බොහෝවිට ගායකයගේම පදරචනවත්, සංගීතයත් වූ ගීත සමස්තයක් ලෙස හොඳ නිර්මාණයක් ලෙස (ඕනෑ තරම් අවර ගනයේ මේ ආකාරය් ගීත ඇත.) ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ සම බර ලෙස සියළු අංග උපාංග එක්වන නිසාවෙනි. නමුත් එච් එම් සංගීතවත් කළ බොහෝ ගීත වල ඔහු ගායක/ගායිකාවන්ගේ හඬ යටපත් නොවන ආකාරයට මෙන්ම ගීතයේ වචන වලටද සම තැන ලබාදීමට උත්සහ කර ඇත. මේ ගීතයේ ද වචන වල තිබෙන සංයමය සංගීතයේ ද ඇත. මුළු ගීතය පුරාවටම වැයෙන වයලීනය ඒ සංයමය නිර්මාණය කර ඇත. වරින් වර වැයෙන තත් හඬ මේ යුවතියගේ සිතේ ඇතිවන චකිතය දනවයි
ගීතයට අවැසිම හඬ නිරංජලා ගේය. ඒ හඬේ පවතින තාරුණ්‍ය වගේම සංයමය, ගීතයේ කියන ඒ අවස්ථාව මැනවින් විදහාපායි. මා වඩාත් ආස කරනුයේ ගීතයේ සමප්තියේ ඇති මිමිනිම ටය. පළමු වතාවට ස්වාමියාගේ දෙපා මත හිස තබන යුවතියට ඇති සැනසීම හරි අගේට එමගින් දනවන්න නෙරංජලා ට හැකි වී ඇත. සිය ස්වාමියාගේ වියෝවෙන් පසු නෙරංජලා ගායනය අතහැරීම පිලිබඳ මා තුල ඇත්තේ අප්‍රසාදයකි. ඇයට තමා කැමති තීරණයක් ගැනීමට ඇති අයිතිය පිලිබඳ කිසිඳු ප්‍රශ්නයක් නැත. එහෙත් රසිකයෙකු ලෙස ඒ හඬ අසන්නට නොලැබීම ගැන ඇත්තේ වේදනාවකි.
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් කළේ
Aruna
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් වූයේ
Sunday, November 27, 2016
No comments:
සඳහන් වන දේ:
එච් එම් ජයවර්ධන,
ගීත,
දයා ද අල්විස්,
නිරංජලා සරෝජනී,
ප්‍රේමකීර්ති
Monday, 24 October 2016
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා....
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී
ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි
https://www.youtube.com/watch?v=pu83h3v4KP8

දෙඇස් අන්ධ වීම කෙනෙකුට කිසිසේත්ම වාසනාව ගෙන දෙන්නක් නොවේ. බොහෝ විට එය ඔහුගේ හෝ ඇයගේ පරිකල්පන සීමාවන් ලඝු කරන්නට හේතු කාරනා වේ. එහෙත් හෙන්ද්‍රි කල්දේරා ගේ මේ ගීතය, දෙනෙත් අඳ නැති මල් සින්දු කරුවන්ගේ ගීත වලට වඩා විශාල වූ පරාසයක විහිද පවතී,
හෙන්ද්‍රි කල්දේරා ශුරින් ගේ දෙනෙත් අන්ධ වීම ආරම්භ වනුයේ කුඩා කාලයේදීය. කුඩා කාලයේදී පවා ඔහුගේ පෙනීම සාමාන්‍ය තත්ත්වයේ නොපවතී බව ඔහු ලඟින් ආශ්‍රය කල අය පවසයි. නමුත් අන්ධ වීම නමැති කාරනය ඔහුගේ හැකියාව සිමා කිරීමට නුපුලුවන් විය.
ඔහුගේ ගීත බොහොමයක් ඔහුම රචනා කර, තනු යොදා ගායනය කල ගීතය. එච්. එම්. ජයවර්ධනයන් බොහොමයක් ගීත වලට සංගීතයෙන් දායක වී ඇත. නිසි ලෙස සංගීතය අධ්‍යනයක් නොලබ හෙන්ද්‍රි කල්දේරා ශුරීන්ගේ බොහෝ ජනප්‍රිය ගීත 6/8 beat එකේ හා Major Scale වල නිරමාණ වූ ගීතයන්ය. සමහර විට මේ රාමුව තුල ඔහු කොටු වන්නේ ඒ ජනප්‍රියතාවය නිසා විය හැක.
ගීත වල ගායනයට හා සංගීතයට වඩා ඔහුගේ රචනා වල තිබුනුයේ පුදුමාකාර ලාලිත්‍යකි. ඒවා ඉතා සරලය. ඒ ගීතවලට තේමා වුයේ බොහොම සුළු සිද්ධීන්ය. නමුත් ඔහුගේ නිර්මාණශීලි හැකියාව තුලින් වඩාත් චමත්කාර ලෙස ඒ සුළු සිද්ධිය ගීතයකට නැගීමට පුළුවන් විය. 'මිදුලෙ මිරිවැඩි සලකුණු', 'ඊයේ උදයේ', 'දාලා කරාබු', 'තාර පැටියා' ආදී මේ සියල්ල එවන් සුළු සිදුවීම් තුලින් නිර්මාණය වූ ගීතය. වඩාත් විශේෂ වන්නේ මේ කිසිවක් ඔහු දෙනෙත් වලින් නොදුටු සිදුවීම් වීමය. පෝරුව මත සිය මනාලිය මිතුරෙකු සමග සිටිනවා සිහිනෙන් දකින්න සැබෑ ලෝකයේදී විවාහ උත්සවයක් ඔහු දැක නැත පමණක් නොව මිතුරාගේ රුවවත් මනාලියගේ රුවවත් ඔහු දැක නැත. දරුවෙකු කන විදීම, කැඩපතකින් මුනුණ බලා සිනාසීම, සුරතල් සිනා ඔහු දැක නැත. එහෙත් ඔහුට වස්තු වූ ඒ සියළු කාරනා සියැසින් දුටුවා සේ ගීතයට නැගීමට තරම් ඔහු නිර්මාණශීලි විය.
මේ ගීතයෙන් කියවෙනුයේ, ආදරය ප්‍රකාශ කරන තෙක් බලා සිටින හා ආදරය අයදින ප්‍රේමවන්තයෙකු කතාවකි. සමස්ථ ගිතයේම කොටස් දෙකක් 'ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා' යනුවෙන් සදහන් වන අතර අනිත් කොටස් දෙක 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙන් අවසන් වේ. 'ඔබ තාම නැහැ දයාවියේ..' සඳහන් පද පේලි වලදී උදය සහ රාත්‍රිය ගැන රචකයා කතා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත් මේ පුද්ගලයා දිවා රාත්‍රිය නොබලා ඇය ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටියි. හිරු බැස යාමත්, රාත්‍රිය එළඹීම හා සඳ නැගීම ආකාරයේ පරිසරයේ චමත්කාරය අන්ධ ගීත රචකයකුගෙන් මෙලෙස වර්ණනා කල හැකිද යන්න පුදුම සහගතය.
දෙවන හා අවසන් ගීත කොටසින් රචකයා ආදරය ප්‍රකාශ කරන අයැදීම කරන්නේ 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙනි. ඔහු පවසන පරිදි මේ කාන්තාව කුඩා කල සිට දන අඳුනන තැනැත්තියෙකි. දෙදෙනා එකට වැලිබත් උයා ඇත. එසේම අවසන් පද වැල් වලදී ඔහු ඉතා අගනා රුපකයක් යොදා ගනී. එනම් ඔහු පවසනුයේ රුවැති මල් හමු වුවත් සුවදැති මල් ඔහුට හමු නොවුණු බවයි. දෙනෙත් අඳ ඔහුට රුවැති මල් වලට වඩා වටිනුයේ සුවදැති මලය. එක් අතකින් බැලු කල මේ ඔහුගේම ආත්ම ප්‍රකාශය විය නොහැකිද?
හෙන්ද්‍රි කල්දේරා තරම් අන්ධ ගායකයෙකු ලෙස සමාජයේ අසරණ වූ තවත් ගායකයෙක් සිටියා දැයි. සිතිය නොහැක. සංදර්ශන වලට එක්කරගෙන ගොස් ඔහුව අතරමං කල අවස්ථා ඕනෑ තරම්ය. ගීත ගායනය කල පසු මුදල් නොගෙවා මගහැරිය අවස්ථා එමටය. අගහිඟ කමින් අන්ත අසරණ වුනු අවස්ථාවක ඔහුට තම ආත්මය වන් නිර්මාණ ටික සලාද සමග මුදලට විකුණන්නට සිදුවිය. අප කැමති නැති කටෝර සංගීතය වුවද එය ඔහුගේ දරිද්‍රතාව නමැති මහා යක්ෂයා එලවා දැමීමට යම්කිසි පිටුවහලක් වන්නට ඇත. ලෝකයේ ඕනෑ තරම් අඳ ගායකයන් සිටි. ජනප්‍රිය pop ගායක Steve Wonder ඉන් එක් අයෙකි. නමුත් ඔවුන් හෙන්ද්‍රි කල්දේරා තරම් අසරණ නොවිය. රටක සමාජ සුරක්ෂිත තාවය වැදගත් වන්නේ සාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයන්ට වඩා විශේෂ ආරක්ෂණ හිමි විය යුතු පුද්ගලයන්ටය. හෙන්ද්‍රි කල්දේරාගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශිලත්වය උසස් තලයක තිබීමට ඔහු ගේ පොත පත භාවිතය පිටුවහලක් වන්නට ඇත. එහෙත් ඔහුට ද දෙනෙත් හිම අයට මෙන් හැදෑරීමේ අවස්ථාව ලැබුනේ නම් ඔහුගේ නිර්මාණ වල ගුණයත් සංගීතයේ භාවිතයත් ඔහුව බොහෝ ඇතකට ගෙන යනු නොඅනුමානය.
facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Monday, October 24, 2016
No comments:
සඳහන් වන දේ:
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා,
ගීත,
හෙන්ද්‍රි කල්දේරා
Sunday, 24 July 2016
මා එක්කලා අමනාපව වී දබර
මා එක්කලා අමනාපව වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...
හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...
මේ ගීතයේ රචකයාත්, සංගීත නිර්මනකරුවාත්, ගායිකාවත් ජීවතුන් අතර නැත. මා අසා ඇති ආකාරයට මේ ගීතය තනුවකට පදවැල් එක්වීමෙන් නිර්මාණය වී ඇත.ඔස්ටින් මුණසිංහ ශුරින් මුලින්ම මේ තනුව නිර්මාණය කර ඇත්තේ භක්ති ගීත වැඩසටහනකටය. දිනක් ප්‍රේමකීර්ති ඔහුගේ ගෙදර පැමිණි විට මේ තනුව වාදනය කර පෙන්වා ඇත. පසුව ප්‍රේමකීර්ති මේ අපුර්ව පදවැල නිර්මාණයකර ඇත. ගීතයට අවැසිම කටහඬ මාලනී බුලත්සින්හලගේය.
මේ ගීතය ප්‍රේම් කවුදැයි යන්න එළිකරන ගීතයක්දයි මට සිතේ. ප්‍රේමකිර්තිගේ පළමු කසාද බිරිඳ දයා ද අල්විස්ය. ඔවුන් දෙපලට සුරංගි නම් දුවෙක් සිටි. කෙසේ හෝ මේ කසාදය වැඩිකල් පැවති නැත. මොනයම් හේතුවක් නිසා එය දෙදරා ගොස් ඇත. අපේ සමාජයේ කසාදයක් දෙදරා යන්නේ බටහිර සමාජයේ මෙන් ක්ෂණිකව නොවේ. බටහිර සමාජයේ දික්කසාද වීමට හෝ වෙන්වීමට දෙදෙනා අතර රුපවාහිනිය නිවසේ තැබිය යුතු දිශාව පිලිබඳ ආරවුලක් ප්‍රමාණවත්ය. අපේ සමාජයේ එවැනි දේ වලට දිකසාද වන අවස්ථා විරලය. මීට පෙර දෙදෙනා අතර නොයෙක් අමනාපකම් තිබෙන්නට ඇත. සමහරවිට දයා සමග අමනාප වී ප්‍රේම් නිවසින් ගිය අවස්ථා ද තිබෙන්නට ඇත. මා අනුමාන කරන දෙය ඒ ලෙසම සිදුවුයේ නම් ප්‍රේම් පදවලට නගන්නේ දයා ද අල්විස් ගේ අත්දැකීම් හා හැඟීම්ය. ඒ අත්දැකීම් හා හැඟීම් ඇතිවීමට හේතුකාරනා වන්නේ ද ප්‍රේමකිර්තිය.
මෙලෙස මගේ හිතළු ගලපන අතර දයා ද අල්විස් අතර හා ප්‍රේමකීර්ති අතර තවත් දේ ගීතවල ඇතිදැයි මට සිතේ. දයා ද අල්විස් ගේ පළමු සැමියා සෝමපාල රණතුන්ගයන්ය. ඔහු ද ප්‍රවීන ලේඛකයෙකි. 'ඇස් දෙක' ඔහුගේ නවකතාවකි. ඔහු මෙලොවින් සමුගන්නේ නොසිතු මොහොතකය. සමන් ආතාවුදහෙට්ටි පවසන ආකාරයට ප්‍රේමකීර්ති දක්‍ෂ ගීත රචකයෙකු වුවද පොත් කියවනවා දකිනුයේ බොහොමත් අඩුවෙනි. ප්‍රේම් කියාවා ඇති එකම නවකතාව සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව බව සමන් ආතාවුදහෙට්ටි පවසයි. ප්‍රේම් ගේ 'සද කැන් වැසිලා ..' ගීතයේ මෙලෙස පද පේලියක් වේ.
"මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයෙනු දැනේ.."
මෙලෙස බැලුකල ප්‍රේම් කියවුයේ සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව පමණක්මද සිතේ.
https://www.youtube.com/watch?v=OUYdnoI25Rs (සමන් ආතාවුද හෙට්ටිගේ කතාව)
කෙසේ හෝ ප්‍රේම් ගේ පෙර සඳහන් කල ගීතය ගීත විෂයෙහි බොහොම අඩුවෙන් ස්පර්ශ කරන මාතෘකාවකි. ගීතය කියනුයේ මව විසින් තම දියණියටය. මව පියා ආමන්ත්‍රණය කරනුයේ 'දුවගේ තාත්තා..' යනුවෙනි. පියා නිවසින් ගොස් ඇත්තේ මව සමග අමනාප වී මිස දුව සමග අමනාපයෙන් නොවන බව මුල් පද පෙලින්ම පවසයි. අනික මේ දබරයෙන් පියා නිවසින් ගොස් ඇත්තේ ඔහුගේ උවමනවටය.
කසාද සැමියා තමන්ගෙන් වෙන්වීම සැපතකයි සිටින කාන්තාවන් සිටිනම් ඒ ඉතාමත් සුළු පිරිසකි. මේ මගේ අත්දැකීමකි. මා රැකියාව කල ස්ථානයක දිනක් තවත් කාන්තාවන් තිදෙනෙක් මා සමග දිවා ආහාරය ගනිමින් සිටියෝය. එක් කානාතාවක් දික්කසාද වී බොහෝ කල් ය. තවත් කාන්තාවක් සැමියාගේ බිමත් කම හා අඩත්තේට්ටම් නිසා ගෙදර ප්‍රශ්න ගැන කතා කරමින් සිටි. අනෙක් කාන්තාව ගැන මා එතරම් නොදනී. කෙසේ හෝ ඇය තම යෙහෙළියට පැවසුවේ 'ඔහොම ඉන්නවට වඩා divorce වෙන එක හොදය' කියාය. එවිට දික්කසාද වූ කාන්තාව පිළිතුර වුයේ ' divorce උනාම තේරේවි රණ්ඩු වෙන්න හරි මිනිහෙක් ඉන්න එකේ අගේ..' කියාය. පවුල් අවුල් ගැන කතා එතනින් නිම විය.
ගීතයේ සඳහන් තැනැත්තිය තම සැමියාගේ නිවසින් බැහැර වීම ගැන කන්නස්සල්ලෙන් පසුවන බව පැහැදිලිය. ගේදොර අස්කර පිළිවෙලකට තබා ගන්න ඈ උත්සුක වන්නේ නැවත සැමියා ගෙදර පැමිණෙයි යන අපේක්ෂාවෙනි. ගේ ළඟ කඩුල්ලට බැරි බරක් දරන්න සිදුවෙන්නේ කාරනා දෙකක් මතය. පළමුව තමාගේත් දුවගේත් ආරක්ෂාව සහ දෙවනුව ආර්ථික අඩුපාඩුකම් ය. පියා නොමැති නිවසට මව විසින් මේ කාරනා දෙකම සැලැස්විය යුතුය. එය මවට දැරිය නොහැකි බරකි. එපමණක් නොව සැමියා නිවසින් යෑම ඇයට සැපතක් නොවේ. රැය පුරා ඇයට නින්දක් නැත. ඒ නිසා ඇය ගෙමිදුලට වී සැමියා එනතුරු බලා සිටී.
අඳුර එළඹෙත්ම ඔවුන්ගේ දුක කියන්නට කවුරුත් නැත. අඩුම තරමින් සඳ හෝ පායා නැත. සඳ තිබුණි නම් අඩුම තරමින් සඳට හෝ මේ දුක කිව හැක. කාලය වැය කිරීම සඳහා තරු ගනින්නේ ඒ නිසාවෙනි. මේ ගීතයේ 'සඳ මාමා' යන්න යෙදුම අපුරුය. ගීතය දුවට කියන බවත් පියා නොමැති ගෙදර මව විසින් ඇය ව සුරංගනා ලොවකට ගෙනයන්න දරන නිරර්ථක උත්සාහයත් අපුරු ලෙස හැඟවීමට ප්‍රේම්ට හැකිව ඇත්තේ මේ නිසාය. පියාව නැවත ගෙදර ගේනවා ගැනීමට මවගේ හෝ දුවගේ දුක පමණක් දන්වා යවා පලක් නැත. පියාට දෙදෙනාගේම දුක දැන්විය යුතුය. එය තල් අත්තක ලියනුයේ කඩදාසියක ලියු දෙයක් ලෙස මැකී දියවී නොයන නිසාවෙනි. මේ දුක ගැන පියාට දිගින් දිගටම මතකයේ රැඳවිය යුතුය. එවිට ඔහු නැවත මෙවැනි ගමන් නොයනු ඇත. මේ පණිවිඩය යැවීමට සුදුසුම තැනැත්තා සඳ මාමා ය. පියා ට දහවල් වෙලාවේ විවිධ රාජකාරි නිසා මවගේත් දුවගේත් දුක ගැන අවබෝධ නොවන්නට පුළුවන. එහෙත් රාත්‍රියට සඳ මාමා එනවිට පියාට තම දු සිගිත්ත හා බිරිඳ ගැන සිතුවිලි ගලාගෙන එනු ඇත. ඒ නිසා සඳ මාමා පණිවිඩය දුන් සැනින් හෙට තාත්තා ගෙදර එන බවට මවට විස්වාසයක් ඇත.
ප්‍රේම් නම් පුදුමාකාර නිර්මාණ කරුවෙකි.වචනවලට එහා ගිය දිගු කතාවක් පද කිහිපයකින් පැවසීමට ඔහුට තිබෙන හැකියාව මා පුදුම කරවයි. ආරම්භයේ මාලනී ගේ උච්ච ස්වරයෙන් පවසන මුල් පද පේලිය වැලපිමකට සමානය. මුළු ගීතයේම හරය ඒ පළමු පද පෙලියේම කැටි කිරීමට මාලනී සමත්වී ඇත. තවත් මෙවන් කටහඬ ගීත වලට අවැසි මොතක මාලනී අප අතරින් සමු ගැනීම සැබවින්ම විශාල පාඩුවකි. තවමත් මාලනී ගේ ඒ හිස් තැන පිරවීමට කිසිම ගායිකාවක් සමත් වී නැත. මුනසිංහයන්ගේ සංගීතය ත් මුළු ගීතය පුරාවටම තිබෙන ශෝකී බව මානව පිළිබිඹු කරයි. විශේෂයෙන් අන්තරා කොටසේ වැයෙන බටනලාවත්, ගීතය සමග හඬන වයලීනයත් මුළු ගීතය පුරාවටම හදවතේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත් වී ඇත.
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් කළේ
Aruna
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් වූයේ
Sunday, July 24, 2016
No comments:
සඳහන් වන දේ:
ඔස්ටින් මුණසිංහ,
ගීත,
ප්‍රේමකීර්ති,
මාලනී බුලත්සිංහල
Thursday, 23 June 2016
Jenny's Wedding - සමලිංගික විවාහයට එහා දෙයක්...
පසුගිය දිනෙක 'Jenny's Wedding' නැරඹුවෙමි. අප නිතර දකින ඇමෙරිකානු සිනමා පට වල මෙන් ත්‍රාසජනක ක්‍රියා, ඉල ඇදෙන විහිළු හෝ රාගික දර්ශන කිසිත් නැත. නමුත් සෑම රූප රාමුවක්ම බොහොම සංයමයකින් නැරඹිය හැක.
සාමාන්‍ය පවුලක තුන්වන දරුවා වන Jenny සමලිංගික කාන්තාවකි. ඇය සමලිංගික බව පවුලේ උදවිය නොදනී. දෙමාපියන් ඇයට විවාහයක් ගැන සිතන්න බල කරන අතර, ඇය විවාහවීමට පවුල් ජීවිතයක් ඇරඹීමටද තීරණය කරයි. ඇය විවාහ වීමට බලාපොරොත්තු වනුයේ තමන්ගේ කාමරයේ සිටින තැනැත්තිය සමගය. ඇය සමලිංගික බව පවුලට පැවසීම සමග එම පවුල හැසිරෙන ආකාරය හා සමාජය ඉදිරියේ ඔවුන්ට පැමිණෙන ප්‍රශ්න ඉතා අගේට, අලස නොවන ලෙස අධ්‍යක්ෂකවරිය පෙළ පෙළගස්වයි. අවසානයේ සම්ප්‍රදායික හින්දි සිනමාපටයක් ලෙස සියල්ල සතුටින් නිම වෙයි.
මෙහි ඇති සමහරක් සිද්ධීන් ඇමරිකානු සමාජයට වඩා ඉන්දියානු උපමහද්විප සමාජයට හුරු බවක් ගෙනදෙයි. දුවවරුන් තමන්ගේ සියළු රහස් පළමුව හෙළි කරනුයේ අම්මාටය. අම්මා හා තත්තා අතර මුල් තැන පියාට ලැබෙන අතර දරුවන් කෙතරම් මුහුකුරා ගියද ඒ දෙමාපියන් ඔවුන් ගැන සෙවීම තම වගකීමක් ලෙස ක්‍රියා කරයි. සමාජයේ කෙතරම් ප්‍රශ්න නැගුණද සහෝදර ප්‍රේමය වෙනස් නොවේ. අවසාන වශයෙන් පියෙකු හා දුවෙකු අතර ඇති බැඳීම ඉතා ප්‍රබල ලෙස පෙන්වයි.
සිනමා පටය ආරම්භ වන්නේ පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු භෞස්තිස්ම කිරමේ රුපරමුවකිනි. Jenny ට තම සහෝදරියගේ මෙන් විවාහ උත්සවයක් අවශ්‍යය. නමුත් එය පල්ලියේ පැවැත්වීමට හැකියාවක් නැත. ඇයට තමන්ගේ වෙනස් වීම අන් අයට දැන්වීමට අවශ්‍යය. නමුත් පවුල් පරිසරය සමග ඇයට එය නිසි ආකාරව කර ගත නොහැක. Jenny ගේ වෙනස් වීමත් සමග මව පියා අතර ගැටුම් මෙන්නම සහෝදරියන් අතර ගැටුම් ද දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ද මතු වේ. එහෙත් ඒ කිසිවක් සීමාව ඉක්ක්මවා නොයයි. වඩා විශේෂ වූ කාරනය, කිසිවෙකු Jenny ට වෙනස් වෙන්නට නොකීම හා Jenny ගේ ක්‍රියාකාරකම් ඇයගේ පවුලේ අනෙක් අයට බලපාන ආකාරය ගැන පමණක් කතා කිරීමය.
චිත්‍රපටයේ කතා තේමාව අනුව ඉහටත් උඩින් රාගික දර්ශන හා පුද්ගල ගැටුම් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් තිබුනද එකම එක තොල් සිප ගැනීමක ( එය කතාවට අවශ්‍යය) long shot එකක් පමණක් එකතු කරගැනීම අධ්‍යක්ෂකවරිය ගේ දක්ෂතාවය.
සමලිංගික විවාහ වීම් පෙර අපරදිග සෑම සංස්කෘතියක්ම ආගන්තුක මෙන්ම එය දෙස බලනුයේ වැරදි කෝණයකි. කතෝලික හෝ බෞද්ධ සංස්කෘතියේ සමලිංගික විවාහ වලට ඉඩ නැත. විශේෂයෙන්ම කතෝලික පල්ලිය ඒ දෙස බලනුයේ සාපරාධි අපරාධයක් ලෙසය. නමුත් මෙය හුදෙක් පුද්ගලයින්ගේ කායික විපර්යාසයකට වඩා මානසික විපර්යාසයක් බව විද්‍යාව විසින් ඔප්පු කර ඇත. ඒ අනුව සමලිංගික කසාදයට බොහෝ රටවල් නිත්‍යානුකුලව ඉඩ දී ඇත.
කසාදය හා විවාහය එකම අරුතක් ගැනුනද, මා දකින ආකාරයට මේ දෙකෙහි වෙනස් කම් පවතී. කසාදය යනු නීතිමය බැඳීමකි. විවාහය සංස්කෘතික බැඳීමකි. සමලිංගික පිරිසට ද නීතිමය බැඳීමට ඉඩ අවස්ථා තිබිය යුතුය. නැති නම් නීතිය ඉදිරියේ සැවොම එක සමානය යන්න බොරු වන්නේය. එසේම සමලිංගිකයන්ට ද නීතිමය ඉඩ අවස්ථා තිබිය යුතුය. උදාහරණයක් ලෙස නීතිමය සහකරුවාට, රෝහලකදී, බැන්කුවකදී පිළිගැනීමක් ඇත. බැංකු ණයකදී සහකරුගේ ආදායම තමන්ගේ මුළු ආදායමට ඒකාබද්ධ කල හැක. රෝහලකදී රෝගියාගේ භාරකරු ලෙස ක්‍රියා කල හැක. මෙවන් අවස්ථා සමලිංගික වූ පමණින් අහිමි කලයුතු නොවේ. කසාදය, ලිංගික එක් වීමකට වඩා එහා ගිය දෙයකි. එයට නීතිමය පිළිගැනීමක් ලබනුයේ ඒ නිසාය. දෙදෙනෙකුට නීතියෙන් කසාද නොබැඳ හෝ ලිංගිකව එක් විය හැක. ලිංගිකව එක්වන්නේ විෂම ලිංගික පුද්ගලයින් දෙදෙනෙක් දැයි සොයා බලන පොලිසියක් කොහෙවත් නැත.
නමුත් විවාහය සංස්කෘතික බැඳීමකි. එයට නීති අණපනත් නැත. කාලයක සිට ගෙනෙනු ලබන චාරිත්‍ර අනුව විවාහය සිදුකරනු ලබයි. කතෝලික නම් පල්ලියේ විවාහය, සිංහල බෞද්ධ නම් පෝරුවේ චාරිත්‍ර ආදිය ඇතුලත්ය. මෙය පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමට වඩා පවුල් දෙකක් සමාජ දෙකක් මිශ්‍ර වීමකි. ඒ චාරිත්‍ර කඩ කරා හෝ හරියාකාරව පිළිපැද්දා යන්න ඔව්නොවුන් අතර එකගතාවක් මිස නිත්‍යානුකුල බවක් නැත. මෙවන් චාරිත්‍ර වලට සමලින්ගකයන් ඉඩ ඉල්ලන්නේ නම් එය සම්පුර්ණයෙන්ම සමස්ථ සම්ප්‍රදාය බිඳ දැමීමකි. උදාහරණ ලෙස පිරිමි දෙදෙනෙක් හෝ ගැහැණු දෙදෙනෙක් පෝරුවේ සිටිනවා අප දැක නැත.
Jenny ට ඇතිවන ප්‍රශ්නයද මේ විවාහය පිලිබඳ ප්‍රශ්නයයි. ඇයට විවාහ උත්සවයක් ගැනීමට වුවමනාවක් ඇත. අවසානයේ ඇය සැමගේ සහය ඇතිව විවාහ උත්සවයක් පවත්වයි. නමුත් විවාහයට පෙර ඇතිවන සියළු ප්‍රශ්න ඇය සමලිංගික නිසා වීම නොව ඇය සමලිංගික කාන්තාවක් ලෙස විෂම ලිංගික ආකාරයේ දේ බලාපොරොත්තු වන නිසාය.

Thursday, June 23, 2016
No comments:
Sunday, 19 June 2016
අමතනු මැන මගේ දුරකථනය අංකය 24....
මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත් නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.
'දැන් එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.
'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.
අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.
සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.
ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.
'කතරක තනි වී ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'
මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර පද කවි ආකෘතියට ලියවුනු ගීතය. මේ එක උදාහරණයකි.
'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන සංසාරේ'
නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.
වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත. 'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින් තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.
https://www.youtube.com/watch?v=m-VnHmTBi70
එක් දිනක් සැන්දෑවක මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......
ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ
මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

Sunday, June 19, 2016
No comments:
සඳහන් වන දේ:
ගීත,
ප්‍රේමකීර්ති,
මර්වින් පෙරේරා
Subscribe to:
Posts (Atom)