Wednesday 23 August 2023

ගල් වඩුවගේ කතාව

 ඔන්න එකෝමත් කාලයක ගල් වඩුවෙක් හිටියා. මේ ගල් වඩුවාගේ ප්‍රතිමා හැබෑම ලස්සනයි. විශේශයෙන් කාන්තා ප්‍රතිමා. මේකා කසාදයක් කරගෙන නැති උනාට ඕන කරන අන්ග උපාන්ග නියම ආකරයට නෙලනවා

 

දවසක් දිව්‍යන්ගනාවක් නෙලලා තිබුනා පාරේ අයිනේ. කොහේදෝ වල් ටුවර් එකක් යන අතර මගදී මහ බබා මේ පිලිමේ දැක්කා. පොරට වල් ටුවර් එක අමතක වුණා පිලිමේ දැක්ක ගමන්. පටස් ගාලා මාතලී කියලා රතය නවත්වගෙන පොර ගියා අපේ ගල් වඩුවගේ වැඩ බලන්න. හහැබැයි වෙස්වලාගෙන. හරියට අශ්වයා මැරිච්ච කවුබෝයි වගේ සෑඩ් ෆේස් එකක් දාගෙන. පොරව දැක්ක ගමන් අපේ ගල් වඩුවා සද්දයක් දැම්මා දිව්‍ය ප්‍රතිමාවට අත තියන්න එපා, ඒක හදලා තියෙන්නේ පන්සලක තියන්න කියලා. පන්සලක? යකෝ හාමුදුරුවෝ අත් ට්‍රැක්ටරෙන්ද නිවන් යන්නෙමහ බබාට ෆුල් අවුල්. අනි සැබැවින් ඕන තරන් දිව්‍යාන්ගනවෝ අත ගාලා විතරක් නෙමෙයි අහවල් වැඩෙත් කරලා තියෙන එකේ මූගේ ඝනකම කියලා. ඕවා කියලා පට්ටම නෝන්ඩි කරගන්නේ මොකද කියලා පොඩි ශේප් තියරියක් දාලා බැලුවා. කොහෙද මේ යකා තවත් සයිස් පෙන්නනවා. බැරිම තැන පොර රියල් මහ බබා උනා. දැන් ගල් වඩුවා ෆුල් හොල්මන්.

 

පොර දස අතේ සමාව ගන්නවා හරියට අර ඉස්කොලේ ප්‍රින්සිපල්ගේ පුතාට සද්දයක් දාලා ප්‍රින්සිපල් ලගට යන්න උනු එකෙක් වගේ. මේ වගේ සීන් මහ බබාට හුරු හින්දා ලොකු අවුලක් උනේ නැහැ. මහ බබා ගල් වඩුවට බලගතු මන්තරයක් දුන්නා

 

"උබ හදන ඕනෑම කාන්තා ගල් පිලිමයක් මේ මන්තරය කියලා තට්ටුවක් දාන්න, ඒකට පණ එනවා. කාන්තාව නුබගේ ඕනෑ එපා කම් සියල්ල ඉටු කරාවි. බොහොම කීකරුව හිදීවි. හරියටම මිනිස් දුවක් වගේමයි ගති ගුණ. හැබයි පිලිම දෙකක් එක ලග තිබුනොත් උබගේ ජීවිතය අනතුරේ. වගේම උබ චේතනාන්විතව පිලිමයක් විනාස කරන්න හැදුවොත් පිලිමය දරුනු වෙලා උබගෙන් පලි ගන්නවා" කියලා

 

මෙහෙම කකියලා මහ බබා නොපෙනී ගියා. දැන් ගල් වඩුවා මේක චෙක් කරගන්න ඕනේ හැබයි බයයි. ඔය අතරේ උගේ අක්කා ආවා ගෙදර. උන්දෑට ලමයි නැතිව හරි අවුලෙන් හිටියේ. අපේ මෑන්ට මරු අදහසක් ආවා. අක්කාට ගෑනු ලමයෙක් හදලා දීලා මන්තරය චෙක් කරන්න.

මූ අක්කව ආපහු ගෙදර ඇරියා දරුකමට හදාගන්න පොඩි කෙලි පැටික්කියක් ගෙනල්ලා දෙන්නම් කියලා

 

පොර ලස්සන කෙලි පැටික්කියක් නෙලලා මන්තරේ කියලා බැලුවා. අප්පට සිරි වැඩේ හරි. පහුවෙනිදාම කෙල්ලව අක්කාට ගිහින් බාර දුන්නා. කෙල්ල ලස්සන නිසා අක්කාත් කැමති වෙලා කෙල්ල බාරගත්තා

 

දැන් පොරට ඉවසිල්ලක් නැහැ තමන්ට ඕනේ රූපය නෙලන්න. කොහොම හරි මිනිහා තමන්ගේ හිතේ තියන රූපය නෙලාගෙන මන්තරේ කියලා තට්ටුවක් දැම්මා විතරයි මෙන්න පණ ආවා. වැඩේ හරිද කියලා හරියටම බලන්න පොර සෙට් උනා. දැන් පොරට ෆුල් සැප. ෆුල් පැකජ් එක හම්බ වෙනවා. ගමේත් දැන් කතාව වඩුවගේ වැඩ නෙමෙයි, ගෙදර ඉන්න ගෑනි ගැන

 

ටික කලක් මෙහෙම ඉන්න කොට අපේ ගල් වඩුවට වෙන පිලිමයක ආතල් ගන්න හිතුනා. මිනිහට මතක් උනා මහ බබා කිව්ව කතාව. පොර හොද ප්ලෑනක් ගහලා ගල් වඩු කම්හල වෙනත් තැනක ප්‍රතිශ්ටාපනය කරා. දැන් එතන ඉදන් අලුත් පිලිමේ නෙලනවා. මුල් පිලිමේ ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවා. පොර රෑට ගෙදර එනවා. දවල්ට ගල් වඩු කම්මලට ගිහිල්ලා ගෑනි එක්ක සෙට් වෙනවා. ටික කාලයක් මෙහෙම ගියා.

 

දැන් පොරට ආරන්චි වෙනවා මිනිහා ගෙදර නැති වෙලේ වෙන මිනිස්සු ගෙට රින්ගනවා කියලා. කම්මලේ රෑට වෙන වෙන එවුන් ගල් වඩු වැඩ කරනවා කියලා. උනාට ගෑනු දෙන්නගෙන්ම තාම අවුලක් නැහැ. මූ මේ වෙන මිනිස්සු ගෙන් ගෑනුන් බේර ගන්න දැන් එක දිගට දවසක් දෙකක් ගෙදර ඉන්නවා. නනැතිනම් කම්හලේ ඉන්නවා. වටේ මිනිස්සුන්ට මේක අවුල්. උන් ගෑනු දෙන්නටම කියනවා මේ මිනිහට වෙන ගෑනියෙක් ඉන්නවා කියලා. ගල් පිලිම උනත් මේ කතාව අහපු වෙලේ ඉදන් ගෑනු දෙන්නටම ඕනේ මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න. පිලිම කියලා ගෑනු ගති නැති වෙලා නැහැ නේ

 

දැන් වැඩේ ටිකක් අවුල්. පොර හිතනවා මුල් ගෑනිව විනාස කර නම් හරිනේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේචේතාන්විත කියන කෑල්ල. කොහොමද අහම්බෙන් මේ ගෑනිව නැති කරන්නේ.. දවසක් ගල් කටුව උල් කරගෙන නොදැක්කා වගේ ගෑනි එන මග හරස් කරා. වැඩේ කියන්නෙ ගෑනි ඒකෙන් බේරුනා විතරක් නෙමෙයි, දැන් මේ යකාට පුදුම වදයක් දෙන්නේ. කනක් ඇහිලා ඉන්න නැහැ, හොර ගෑනි ගැන කියවනවා, කන්න බොන්න දෙන්නේ නැහැ වෙලාවට. දැන් ගල් වඩුවා වැඩි කාලයක් ගෙවන්නේ දෙවැනි ගෑනිත් එක්ක.

 

දවසක් මුල් ගෑනි හොරෙන් යනවා කම්මල පැත්‍තේ. මෙන්න පිලිම දෙක මුන ගැහෙනවා. සිදු වූ දේවල්වලින් ගල් වඩුවගේ ජීවිතය බේරුනේ අනූ නමෙන්. පොර සියල්ල අත හැර වෙන ප්‍රදේශයකට පැනලා යනවා. පොර ඉතින් බය නැහැ මන්තරේ තියනකන්. තව ගෑනියෙක් නෙලලා පන අරන් ශේප් එකේ ඉන්නවා. ගමෙත් කතාවක් යනවා ලස්සන ගෑනියෙක් එක්ක ගල් වඩුවෙක් ගමට ඇවිල්ලා කියලා. දැන් මේ කතාව කලින් ගමටත් ආරන්චි. ගමේ මුල් ගෑනු දෙන්නා හොයාගෙන එනවා මේ ගල් වඩුවව. කගෙන් බේරුනත් බැරිය එලුවාගෙන් බේරෙන්න කිව්වා වගේ වයිර බැදගත් ගෑනුන්ගෙන් මේ ගල් වඩුවට බේරෙන්න වෙන්නේ නැහැ. දවසක් ගෑනු තුන්දෙනාම එකට. ගල්වඩුවා මූන හරහා වැදුනු මන්න පාරෙන් යාන්තමට බේරුනේ. කලින් වගේම ගෑනිවත් දාලා මූ වෙන ප්‍රදේශයකට පැනලා යනවා. 

 

මේ ඔක්කොම අපේ ගෑනුන්ගෙන් නේ.. මෙදා සැරේ නෙලනවා සුදු පිලිමයක්, එතකොට මේ අවුල් නැහැ නේ කියලා හිතලා මේ යකා මෙදා සැරේ පණ දුන්නේ සුද්දියෙකුට. කිසි අවුලක් නැහැ, පහුගිය වාර තුන වගේම තමයි. පාට විතරයි වෙනස්. මේ අස්සේ ගමේ කතාවක් යනවා මූන තුවල උනු ගල් වඩුවෙක් සුද්දියක් එක්ක ඉන්නවා කියලා. දැන් මිනිස්සු පෝලිමේ එනවා මේ සීන් එක බලන්න. ආපහු අර ගෑනු තුන් දෙනාට මේ සිද්දිය ආරන්චි වෙලා පොරට ගමෙත් ඉන්න බැරි වෙනවා. ඔහොම ගෑනිගෙන් ගෑනිට ගම් මාරු කර කර අන්තිමට දැන් ගෑනු සීයක් දෙසීයක් විතර මූව හොයගෙන එනවා.

 

දැන් පොරට ඉන්න තැනකුත් නැහැ. පිලිම නෙලන්නත් විදිහක් නැහැ. හින්දා අහවල් දේ කරන්න විදිහකුත් නැහැ.පොර ෆුල් අවුල් පිට පාළු පාරක මොකද කරන්නේ කිය කිය හිතමින් ඉන්න වා. ඕහොම ඉන්න කොට මහ බබා පැත්තෙන් යනකොට ගල් වඩුවව දකිනවා. පොරව දැක්ක ගමන් මහ බබා අදුන ගන්නවා. 

 

අඩෝ උබ මම කියන දේ අහන්නෙ නතුව වැඩේ කෙළ කර ගත්තා නේද?”

 

අනේ දෙවියනේ... මම හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා... මුන් මොන ජාතියේ උනත් එකයි නේ..”

 

ඒක තමයි මම උබට කිව්වේ... උබ දැන් වැඩේ දෙල් කරගෙන ඉන්නේ මට කරන්න දෙයක් නැහැ..”

 

අනේ එහෙම කරන්න එපා දෙවියනේ... මේ ගැත්තාට සමා කොට මේ ප්‍රශ්නය විසදලා දෙන්න

උබට මොකද්ද කරගන්න ඕනේ

 

ඔබ වහන්සේට බැරිද මේ ඔක්කොම ගෑනුන් මාත් එක්ක සාමයෙන් සතුටින් එක ගෙදරක තියන්න..”

 

මොකද්ද යකෝ හරුපේ... එහෙම තියන්න පුලුවන් නම් මහ බබා වෙච්ච මමවත් මෙහෙම හොරෙන් හොරෙන් වල් ටුවර් ගහනවද? කරන්න පුලුවන් දෙයක් කියපිය

අනේ මන්දා දෙවියන් වහන්ස, මට දැන් ඉන්න තැනකුත් නැහැ, මගේ රස්සාව කර ගන්න විදිහකුත් නැහැ

 

මට පුලුවන් ආපහු මේ ගෑනු ටික ගල් පිලිම කරන්න... ඊට පස්සෙ උබට ගෑනුන්ගෙන් කරදර වෙන්නෙ නැහැ. උබ මොකද කියන්නේ

 

ඒක හොදයි දෙවියන් වහන්ස, ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතියි!”

 

එක්කම මහ බබා නොපෙනි ගියා. දැන් ගල් වඩුවා ආපහු ගියා ඔහුගේ මුල් ගම පැත්තට. ටික දවසක් හිටියා කිසි ප්‍රශ්නයක් නැහැ. අර කලින් පස්සෙන් එලවපු ගෑනු ටික හොයා ගන්නවත් නැහැ. පොර ආපහු තමන්ගේ සිතැගි පරිදි පිලිමයක් නෙලලා, මෙදා සැරේ නම් මේ ගෑනි විතරයි කියලා හිතා ගෙන මන්තරේ කියලා තට්ටුවක් දැම්මා. ඒත් පිලිමෙට පණ නම් ආවෙ නැහැ..