Tuesday 13 April 2021

Lenin in Paris

 'Lenin in Paris' මොස්කව් Art Gallery එකේ තියෙන චිත්‍රයක්. සමහරු කියන්නේ ඒ චිත්‍රයේ ඉන්නේ ලෙනින් ගේ බිරිඳ සහ ලෙනින් ගේ පසුව සෝවියට් සමුහාණ්ඩුවේ බලයට පැමිණි ජෝෂප් ස්ටාලින් කියලා (https://m.facebook.com/.../a.1239205.../1708812335923218/...). මේ කතාව නිවැරදි නම් චිත්‍රයේ අර්ථය සත්‍යයි. එනම් ස්ටාලින් පාලනය ලබා ගත් ආකාරය සහ පාලනය ගෙනගිය ආකාරය. වරෙක Nadezhda Krupskaya ඒ කියන්නේ ලෙනින් ගේ බිරිඳ ස්ටාලින් ට ලියනවා රෝගී වෙලා සිටින ලෙනින් ට ස්ටාලින් සලකන ආකාරය හරිම නින්දිතයි කියලා. 

මේ ගීතයේ කියෙවෙනවා තව නමක්. ඒ ඉනේස්සා (Inessa Armand). ඇය රුසියානු විප්ලවයට සක්‍රියව දායක වුනු ප්‍රංශ යුවතියක්. කතාවක් තියෙනවා ඇය ලෙනින් ගේ පෙම්වතිය කියලා. එතකොට චිත්‍රයේ නම සමග තව සම්බන්ධයක් එනවා. ලෙනින් ඇත්තටම ප්‍රංශයේ ද නැති නම් ඔහුගේ පෙම්වතිය සමග ද කියලා. ගීතයේ සහ චිත්‍රයේ සහ සම්බන්ධය ගත්තාම ඉනේස්සා ට කරන්න දෙයක් නැහැ ස්ටාලින් ගේ ක්‍රියාකලාපය ගැන. ඔහු ඒ විනාශ කරන්නේ ලෙනින් මහත් පරිශ්‍රමයෙන් නිරිමාණය කරපු සෝවියට් දේශය. ලෙනින් සහ පවුල පමණක් නොවේ ඔහු රුසියාවේ අසහාය ලේඛක මැක්සිම් ගෝර්කි ව විනාශ කරන්නේ සුක්ෂමව. 

මේ ගීතය තියෙන්නේ ඉනේස්සා ගේ පාපොච්චාරණයක් වගේ. අනාගතයේදී ලෙනින් නැති සෝවියට් දේශය ගැන කතා කරන්නේ හොයන්නේ පැරිස් හරහා ගලා යන සෙන් නදිය අසබඩ. මේ තව hint එකක්. එනම් බටහිර ලෝකය තමයි බිඳ වැටුණු සෝවියට් දේශය ගැන කතා කරන්නේ.. 1990 සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටුණු පසු  ලෙනින් ගේ මල සිරුර පමණක්  එක කාමරයක තබා තියෙනවා ප්‍රදර්ශනයට. ලෙනින් ගේ පිලිරු ලෙනින් නමින් නම් කල නගර සියල්ල යලි වෙනස් වෙනවා. ලෙනින් ට ඉතිරි උන්නේ ඒ කාමරය පමණයි. 

ලෙනින් ගිය පාරේ යන්න උත්සහ කරන අය කතා කරන්නේ නැහැ ඔහු සමග සිටි ස්ටාලින් ගැන. මට ලෙනින් සමග අවුලක් නැහැ. එත් ස්ටාලින් ගැන නම් විස්වාසයක් නැහැ...

Lenin in Paris චිත්‍රය 

https://www.youtube.com/watch?v=o6vx3Qn_6o4