Wednesday 4 September 2019

සුදු ඇඳගෙන කළු ඇවිදින්....

එක දවසක් පළඟැටියෙක් සිතුවමක් අන්දා
සිතුවමක් වගෙ සිතියමක් අන්දා
සිතියමෙ උන්නු සමලයා ම්ංමුලා උනා මල් හොයලා
ගහා කොළ විතරයි පෙන මානේ
සුලග හමනවා. සුවදක් නැනේ 
සිතියමෙ උන්නු සමලයා ම්ංමුලා උනා මල් හොයලා
බොරුව ලග වැඩි මෙ ලොකේ එක zoom කරලා අපි බලලත් නැනෙ
පළගැටියා කන්නේ ගස් වල කොළ. ඒකාට චිත්‍ර අඳින්න බැහැ. හැබැයි කාපු කොළ සිතුවමක් වගේ. සමනලයා හොයන්නේ මල්. එත් පළගැටියා අඳින සිතුවම් වල මල් ඇත්තෙම නැහැ. මොකද ඌට මල් වැඩක් නැහැ. ඉතින් පළගැටියෝ ඇඳපු සිතුවම් (සිතියම්) වල මල් හොයන සමනල්ලු මං මුලා වෙන එක අහන්නක් දෙයක් ද?
අපිත් සමනල්ලු වගේ. මල් හොයනවා. පළගැටියෝ ඇඳපු චිත්‍ර වල.
සුදු ඇඳගෙන කළු ඇවිදින් ! ඒක තනිකරම දේශපාලන කතාවක්. ඒ කතාවේ ලෝක බලවතුන්ගේ ඉඳලා දෙහිඅත්තකන්ඩියේ ප්‍රාදේශීය සභාව දක්වා චරිත තියෙනවා. කතාවේ content එකට අමතරව context එකේ තව කතාවක් තියෙනවා. බොහෝ දෙබස් වල තවත් අර්ථයක් ගේනවා. කතාවේ විකාශනය වෙලා තියෙන්නේ තාම බාගයයි. සුදු චරිත ලෙස තියෙන්නේ මහාචාර්ය තුමා හා ඔහුගේ බිරින්දෑ නවකතා කාරිය. අනිත් සියල්ලම අළු චරිත. එත් මම හිතන්නේ මේ සුදු චරිතත් ඉස්සරහට අළු වේවි. අත්ත්න්න්ම මහාචාර්ය අමරපාලට ඕනනේ ඔහුගේ විශ්‍රාම කාලය පොත් වල තියෙන සුන්දර ගමක ගත කරන්න. ඔහු ඒ සඳහා ගමේ වැසියන් විවිධාකාර ලෙස යොදා ගන්නවා. පෙනෙන විදිහට ඔහුගේ පරමාර්ථ වල නරකක් නැහැ. එත් ගම්මුන්ට ගම සුන්දර කරනවට වඩා ජීවිතය සුන්දර කරන ක්‍රියාව බලවත්. සුදු ඇඳන් ඉන්නේ කළු මිනිස්සු. සත්‍ය කතා කරන්නේ පිස්සෝ.
මට මතක විදිහට හඳගමගේ 'සින්තටික් සිහිනය' බැලුවට පස්සේ බලන හොඳ 'Abstract' ටෙලියක්.