
පළමුව කිව යුත්තේ මෙවැනි සිද්ධීන් අපට ඕනෑ තරම් සුලභය. මෙය සමාජ ජාල හා වෙබ් අඩවි වල පුවතක් වුයේ සිද්ධියට සම්බන්ධ නිර්මාල් ට ඇති සිවිල් බලය නිසාය. මෙය ලියන මා හා කියවන ඔබ මුදලාලි සමග ඉතුරු සල්ලි වලට බහින් බස් වුවාට ඒවා වෙබ් අඩවිවල පල නොවේ. ඒවා උණු උණු නිවුස් වෙන්නේ ද නැත. මන්ද අපට එහෙම සිවිල් බලයක් නැති නිසාය.
නිර්මාල් විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකි. ඔහුගේ වැටුප අනුව මේ රුපියල් දෙක මහා ලොකු බිබික්කමක් නොවේ. එත් ඔහු සටන් කලේ සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙනි. කරුමයක මහත සමාජ ජාල ඔස්සේ ඔහුගේ ක්‍රියාව සමච්චලයට ලක්කිරීමට පිරිසක් පෙළ ගැසී සිටීමය. එක්කෝ ඔවුන් නිර්මාල් සිම් කාර්ඩ් පත් මිලදී ගත් කඩ හිමියා වැනි කළු කඩ කාරයකි. නැති නම් නිර්මාල්ට කොහොම හරි නෙලමි යනුවෙන් සිතා සිටින කෝන්තර කරුවෙකි.
වරක් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් වරෙක ගුවන් විදුලි සාකච්චාවකට පැමිණ ඔහු මුහුණ දුන් සිද්ධියක් පැවසිය. එවකට ඔහු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති හෝ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ය. ඔහු පුද්ගලික බස් රථයකින් ගමන් කරන විට කොන්දොස්තරගෙන් ටිකට් පතක් ඉල්ලා සිටින ලදී. කොන්දොස්තර ටිකට් පතක් ලබා දී නොතිබුණි. ගුණරුවන් මහතා නිර්මාල් මෙන් ටිකට් පතක් ලබා ගැනීම මගේ අයිතිවාසිකමක් බව පවසා ඇත. කොන්දොස්තර ඉදිරියට ගොස් ටිකට් අහුරක් ගෙන ගුනරුවන්ට දික් කර ඇත්තේ 'මෙන්න්න මහත්තයාගේ අයිතිවාසිකම' ලෙස පවසමිනි. අසල සිටි අනෙකුත් මගින් ගුණරුවන් මහතාට සිනාසින්නට විය. ඔහු පැවසුයේ, තමන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්නන්ට සිනාසෙන්න තරම් සමාජය පිරිහී ඇති නම් එතනින් එහාට ඒ සමාජය ගැන කතා කර වැඩක් නැත යන්නය.
අප සෑම දෙනාටම සිවිල් බලයක් නැත. සිවිල් බලයක් හිමි වෘතිකයන් බොහෝ විට ඒ බලය යෝදා ගන්නේ තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහාය. නිර්මාල් , ගුණරුවන් වැනි සිවිල් බලයක් හිමි පුද්ගලයින් යම්කිසි සාපේක්ෂ බලයක් සමාජ සාධාරණත්වයට යොදන විට එයට සිනා සීමට වඩා කල යුත්තේ හැකි පමණින් ආධාර කිරීමය. මා විශ්ව විද්‍යාලයේ සිටින විට කැන්ටිමේ තේ එකක් රුපියල් 1.50 කි. බොහෝ විට කැන්ටින් හිමියාට රුපියල් දෙකක් දී තේ එකක් ඉල්ලු විට ඉතුරු සත පනහ වෙනුවට දෙනු ලබනුයේ ලොසින්ජරයකි. මගේ මිතුරෙක් මෙලෙස දුන් ලොසින්ජර තුනක් එකතු කර තේකක් ඉල්ලා සිටියේය. ඔහු විශ්ව විද්‍යාල නිවාඩුව ගත කිරීමට සින්ගපුරුව, ඩුබායි යන පුද්ගලයකි. එදා අපේම කණ්ඩායම් ඔහුට චෝදනා කලේ 'උඹට 1.50 ක් දීලා තේ එකක් ගන්න බැරි එකෙක් ද ? ' කියා ය. ඔහු පැවසුවේ 'උඹට මට මේ හුජ්ජ වතුර බොන්නේ නැතුව ඉස්සරහා රහීම හෝටලයට ගිහිල්ල හොඳ ප්ලේන්ටියක් බොන්න පුළුවන්. එත් මචන් එහෙම යන්න බැරි කී දෙනෙක් අපිත් එක්ක ඉන්නවද. මුට පාඩමක් උගන්න්වන්න අපි ඉස්සර උන්නේ නැති නම් කවුද එන්නේ' යනුවෙනි. කතාව ඇත්තය. බලයක් හිමි පුද්ගලයා සමාජ වෙනසකට මුල පුරනවානම් එය පීඩිතයෙක් මුල පිරිමකට වඩා ප්රතිපලදායකය.
තමන්ගේ අයිතිවාසිකම් ගැන නොසලකා කර බාගෙන සිටීම නිවට කමකි. සිංහලෙන් ඔවුන්ට කියනුයේ 'නිවටයන්' කියාය. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නන්ට සමච්චල් කිරීම මොන කමද යන්න සිංහල භාෂාවේ නැත. ඔවුන් හඳුන්වන නාමයකුත් නැත. මට නම් සිතෙන්නේ ඔවුන් මේ වගේ කියාය.
.
.
.
.
.
.
.
.
මෙතන තිබු පින්තුරය ඉල්ලීමක් ඉවත් කරන ලදී. අවශ්‍ය නම් ගුගල් හි shit යන්න type කර බලන්න.
They are called shit heads .. true . But please remove the photo machan. Sometimes we take our food while reading blogs.
ReplyDeleteok removed it. thanks for comment.
ReplyDeleteA very thought provoking article!
ReplyDeleteඒක ඇත්ත. මමත් කාර් එක ගන්න කලින් බස් වල ගියකාලේ ඕනේ තරම් වාද කරගෙන තියෙනවා, ඉතුරු සල්ලි වලට, ටිකට් දෙන්නේ නැති එකට, ඒසී එක වෙනුවට බ්ලෝවර් එක විතරක් දාන එකට. ඒත් ඒ අවස්ථාවලදී මතක විදිහට දෙවතාවකට වඩා අනීත් මගීන්ගේ සහයෝගය ලැබුණේ නැහැ.
ReplyDeleteඑක වතාවක් කොන්දොස්තර ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කිව්වහම මම අඩුගානේ ටිකට් එකක් දෙන්න කිව්වා. මිනිහා මට සද්දේ දැම්මා. මම ඒ වෙලාවේ පහුකරමින් සිටි වරකාපොල පොලිසියට කියල බස් එක නැවැත්තුවා. අන්තිමට මිනිහා කාටවත් ඉතුරු සල්ලිවත් ටිකට්වත් දීල නැහැ. ඒ වුනාට අනිත් මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වුනේ මට පරක්කු වුනා කියලා.
අපේ මිනිස්සුන්ට මේව ගැන හැඟිමක් නැහැ. තමන්ෙගේ අයිතිවාසිකම් මොනවද කියල දන්නේ නැහැ