වෙලාවකට ඉස්කෝලේ යාම ගැන ඇතිවන්නේ දුකක්... එකක් එයා මගෙන් ඈත් වෙන එක දිනයේ හොඳම කාලයේදී... මීට පස්සේ හිටපු ගමන් මගේ ඔඩොක්කුවට පනින්න.. කකුලේ ඇවිල්ලා දැවටෙන්න කව්රුත් නැහැ... ඒ හින්දා තනිකම ගොඩක් දැනේවි..අනිත් දුක එයාගේ තියෙන නිර්මාණාත්මක හැකියාව මීට පස්සේ අච්චුවකට දාලා හරි ගස්සා වී ඉස්කෝලෙදි. එක්කෝ එයා ඒ විදිහට පුරුදු වේවි... නැති නම් ගුරුවරුන්ට වදයක් වේවි.. එහෙම නැති නම් එයාට ඉස්කෝලේ එපා වේවි... අන්තිම එක නැතිව වෙන ඕන දෙයක් උනාට කමක් නැහැ...පොඩි හරි සැනසිල්ලකට තියෙන්නේ මෙහෙ ගුරුවරු පුදුමාකාර විදිහට ඉවසීමයි. අපිට ඉස්කෝලෙදි කිව්වෙත් 'කියන විදිහට කරපං නැති නම් මකබවිලා පලයන් කියලනේ..' වාසනාවකට එහෙම කියන්නේ නැහැ...අනික අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශේෂත්වය යි. අපි ඉස්කෝලෙදි ඔක්කොම එකම ලෙවෙල් එකක තියාගෙන ගුරුවරු ඉගැන්නුවේ... හැමෝම කියෙව්වේ එකම පොත.. හැදුවේ එකම ගණන... නමුත් දැන් වෙනස්... ළමයට ලොකු පන්තියේ පොත් කියවීමට හැකියාව තියෙනවනම් ඔහුට ඉඩ තියෙනවා එතනින් පටන් ගන්න... ගණන් ඇතුළු අනිත් විෂයන් උනත් එසේමයි...
මගේ කොල්ලා හොඳට ඉගෙන ගන්නවානම් හොඳයි. එත් එයා කැමති දෙයින් අනාගතය ගොඩ නගා ගන්න එයාට නිදහස වගේම අයිතියත් තියෙනවා එක කොන්දේසියක් මත. එයා මොනවා කරත් අධ්‍යාපනය කරන්න ඕනනේ එක්තරා මට්ටමකවත්. මොකද මොන හැකියාව තිබුනත් ක්ෂණයකින් එය නැතිවෙන්න පුළුවන්. හරියට දක්ෂ වයලින්එ වාදකයෙකුට අනතුරකින්හෙ ඇඟිල්ලක්ම අහිමි උනොත් මොකද කරන්නේ...එදාට කරපු අධ්‍යාපනයෙන් තමයි දිවි රැකගන්න රස්සාවක් හොයා ගන්න වෙන්නේ..
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ.. //
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ..//
අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතාලා
ඔහු පන්තියේ තියලා
මා වෙන් කළ මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුනයි
මේ හැඟීම් බර අවස්ථාවේ මට මතක් උන්නේ මේ ගීතය... මේ කියන සියලු දේ සිදු නොවුනත් ඒ මොහොතේ ඇති වන තනිකම හා පාළුව මටද එසේමයි.
https://www.youtube.com/watch?v=2EQ-LnGVIug
No comments:
Post a Comment