Thursday 3 July 2014

හූ...හූ .....මෙදා පාරත් රැවටුණා නේද...?

මා මේ බ්ලොග් එක පටන් ගත්තේ දේශපාලනය ගැන ලියන්නේ නැත යන අදහසින්ය. එත් මේ සිදුවන විපිරියාස දැක නො ලියා සිටීමට බැරිය. කිසිදු සැකයක් නැත. මෙවරත් අති සාරවත් ලෙස මහින්ද රාජපක්ෂ මහජන මතය වෙනතකට යොමු කළේය. ඒ ගැන පුදුමයක් නැත. ඔහු සමග දේශපාලන ගේම් ගැසීමට සිටින්නේ ලිලිපුට්ටන්ය. අඩුම තරමේ මේ ගේමක් කියලවත් සිතා ගත නොහැකි බබ්බුය.

බස්නාහිර දකුණ පළාත් සභා ඡන්දය අවසන් වුයේ රජය සිතුවාට වඩා වෙනස් ආකාරයටය. කවුරුත් පැවසු පරිදි පළාත් සභා ඡන්ද ප්‍රතිපලය රජයට පොඩි අනතුරු ඇඟවීමක් ඇති කළේය. විපක්ෂ කණ්ඩායම් වලට කාලෙකට පසුව පොඩි තලු මරන්න යමක් ලැබුනේ ඒ ඡන්දයත් සමගය. විපක්ෂයේ සියළු කණ්ඩායම් තනි තනිව තමන්ගේ ප්‍රගතියත් ආණ්ඩුවේ පිරිහීමත් කතා කරන්නට පටන් ගත්තේය. රජය එලි දැක්වූ බස්නාහිර දකුණ ජවනිකාවේ පොඩි අඩුපාඩුවක් නිසාවෙන් ප්‍රේක්ෂකයා ඉවත්ව යන්නට සුදානම් බව මහින්දට ද අවබෝධ විය.

මේ නාට්‍ය අමුතුම නාට්‍යකි. එය තාම ම තිරරචනය කර, අධ්‍යක්ෂණය කර තාමාම රඟපාන නාට්‍යක් වුවත් ජවනිකාවෙන් ජවනිකාව තිරරචනය වෙනස් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. සිදුවූ අඩුපාඩුව මකා ගන්නට ආණ්ඩු පක්ෂයේ සිටින එක බම්මන්නෙක් කරුණු 12 පෙන්නමින් නටන්න පටන් ගත්තේය. ඔහුගේ නැටිල්ල මහින්දගේ තාලයට බව ජනතාවට තේරුම් ගියේය. එය වෙනදා තරම් එය සාර්ථක වුයේ නැත. එකම දෙය ආණ්ඩුවේ දුර්වලකම් වලින් විපක්ෂයට ලකුණු රැස්කරගැනීමට තිබුණු අවස්ථාව මේ බම්මන්නාගේ නැටිල්ලෙන් මගහැරී යාමය. එක්තරා ආකාරයට එය මහින්දට වාසිදායක වුවද ප්‍රමාණවත් නොවිය.

විමල් වීරවංශ සෙල්ලම පටන් ගත්තේ කැබිනට රැස්වීම වර්ජනය කරමින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින්ය. දැන් ඒ කිසිඳු ප්‍රශ්නයක් නැත. විමල් කැබිනට් රැස්වීම වලට යයි. PB මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සිටි. විමල් ගේ කැබිනට් පත්‍ර සම්මත වේ. මුදල් අමාත්‍යංශයෙන් මුදල් ලැබේ. විමල් ආණ්ඩුවේ සිටි. කරුණු 12 ද තිබේ. මහින්ද තමන්ට උවමනා ආකාරයට ආර්ථිකය හසුරුවයි.

මහින්ද යලිත් වරක් තිරරචනය වෙනස් කළේය. මෙවර එක් කල බම්මන්නා මීට පෙර මෙවැනි අවස්ථා වල නැටුවේ නැති අයෙකි. එනම් හැමදාම නාන නානසාරය. නානසාර ගේ නැටුම ඉතා ආකර්ශනියය. ත්‍රසජනකය. මහජනතාව ඇඟ කිලිපොලා යමින් ඔහුගේ කස්තිරම් බලා සිටියේය. ඔහු නටන විට මුළු වේදිකාවම ඔහුගේය. වෙන කාටවත් එයට ගොඩ වීමටවත් අවස්ථාවක් නැත. එත් මේ one man show එක ජනතාව නොසිතු ලෙස ආකර්ෂණය කිරීමට සමත් විය. රජය වාර්ෂික ව ගන්නා බිලි පුජාව ලබා ගැනීමට  නානසාරගේ කස්තිරම් අතර දී හැකි විය. 

අවසානයේදී මහින්ද සිතුවාටත් වඩා අගේට නානසාර තම වැඩ කොටස හමාර කළේය. ආණ්ඩුවේ දුර්වලකම් ගැන මහජනතාවට දැන් ප්‍රශ්නයක් නැත. විපක්ෂයට ද ප්‍රශ්නයක් නැත. ඇති එකම ප්‍රශ්නය ජාතික සමගිය ය. එසේ නැති නම් මුස්ලිම් ව්‍යාප්තවාදය. බෞද්ධ අන්තවාදී ක්‍රියාය. ජිහාඩ් ආක්‍රමණය. 

මහින්ද මෙවරද දේශපාලන පොර පිටියේ තමාට තරගයක් දිය හැකි අයෙක් නැති බව තාහුරු කළේය. සන්ධානයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඔහුය. විපක්ෂය තාම කවුද යන්නවත් සිතා ගත නොහැකිව සිටි. දැනට ඔහුට තරගයක් නැත. මෙලෙස රැවටෙනවා නම් ඉදිරියේදී ඔහුට තරගයක් නැත.

11 comments:

  1. හිමිකම් කවුන්සිලය හමුවෙහි ශ්‍රී ලංකාන්ඩුව විසින් දිග හරින ලද ජාතිවාදී කතාන්තරය නොසළකා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් තිදෙනෙකු අලුත්ගම ප්‍රචන්ඩත්වයන් පිළිබඳ තදබල ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් වෛරය වැපිරීම සහ ඇදහිල්ල මත පදනම්ව කැරෙන ප්‍රචන්ඩ ක්‍රියා නතර කිරීමට ශ්‍රී ලංකාන්ඩුව වහාම පියවර ගත යුතු බව යකියා සිටීම ය. මෙම විශේෂඥයින් තිදෙනා නම් ආගමික නිදහස පිළිබඳ එ.ජා. වි‍ශේෂඥයා වන හයිනර් බිල‍ෆෙල්ඩ්, සුළුතර අයිතීන් පිළිබඳ විශේෂඥ රීතා අයිසැක් සහ අනීතික ඝාතන පිළිබඳ විශේෂඥ ක්‍රිස්ටෝපර් හයින්ස් ය. මෙවැනි ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කැරෙන්නේ ඉතා ම බරපතල සේ කල්පනා කැරෙන අවස්ථාවන්හිදී පමණක් බව ද සඳහන් කළ යුතු ය‍.

    අලුත්ගම ප්‍රහාරයන්හි දී පුද්ගල ඝාතනයන් කළ අපරාධකරුවන් අත් අඩංඟුවට ගෙන දඩුවම් කිරීම එවැනි සිදුවීම් වැළැක්වීමට ඇති හොදම සහතිකය බව ක්‍රිස්ටෝපර් හයින්ස් කියා සිටියේ ය.

    ආන්ඩුව වහාම ප්‍රචන්ඩ ක්‍රියා නතර කොට රටෙහි ජීවත් වන ආගමික සුලුතරයන්ට අයත්වන සියළුම දෙනාගේ ජීවිතාරක්ෂාව තහවුරු කැරෙන වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු යැයි රීතා අයිසැක් කියා සිටියා ය.

    මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා ශ්‍රී ලංකාවෙහි පවත්නා දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය නිසා වර්ධනය වන බව කියා සිටි හයිනර් බිලෆෙල්ඩ්, පොලීසිය සහ අධිකරණය ජීවිතාරක්ෂාව සහ ආගමික ස්ථාන රැකදීම යනාදියට පියවර නොගැනීම මෙවැනි වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා පැතිර යෑමට හේතු වන බව සඳහන් කළේ ය.

    එම ඒකාබද්ධ ප්‍රකාශයෙහි බොදු බල සේනා සහ සිංහල රාවය වැනි අන්තවාදී සංවිධානය සිංහල බෞද්ධයින් තුල බිය ජනිත කර සුලුතර ප්‍රජාවන් කෙරෙහි වෛරයක් ගොඩ නගන බව ද සඳහන් වෙයි.

    මෙම ඒකාබද්ධ ප්‍රකාශය විසින් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ පාර්ශවික ජාතිවාදී ස්ථාවරය හෙළිදරව් කැරෙන විශ්වසනීය සහ කරුණු සහිත වාර්තා දැනටමත් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත ලඟා වී ඇති බවයි.

    අලුත්ගම ජාතිවාදී ප්‍රහාරය විසින් ආන්ඩුව පඹ ගාලක පටළවා තිබේ. ඉන් ගොඩ ආ හැකි එකම මඟ ඇත්ත සොයා ගැනීම සහ ඒ අනුව ගත යුතු පියවර ගැනීම පමණි. නමුත් එවැනි ලැදියාවක් අද රාජපක්ෂවරුන්ට නැත.

    ReplyDelete
  2. 'බේරුවල තියෙන්නේ හමුදාව යටතේ'
    බේරුවල තියෙන්නේ හමුදාව යටතේ බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
    අලුත්ගම හා බේරුවල ආශ්‍රීත වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කළේය.
    '' 700 ක් හමුදාව දාලා විශාල මුදලක් දාලා, කැඩිච්ච දේවල් හදනවා හදනවා, අරහේ දුවනවා මෙහේ දුවනවා, දැන් හමුදාව තමයි මේකට දාගන්න ඕනේ. මේක වෙන දෙයක් ඒ කියන්නේ හමුදාව ගෙන්නගන්න වැඩපිළිවෙළකුත් මෙතන තිබුණ බව පැහැදිලියි. බේරුවල තියෙන්නේ හමුදාව යටතේ. හමුදාව තමයි ඔක්කෝම කරන්නේ. තේ කඩේ හදන්නෙත් හමුදාව, බඩු එහා මෙහා ගෙනියන්නෙත් හමුදාව. කුණු සුද්ධ කරන්නෙත් හමුදාව. එතකොට දැන් ප්‍රාදේශීය සභාවක්, මොකුත් ඕනේ නැහැ හමුදාව යටතට ගෙනත් තියෙනවා. දැන් මේක හරියට අර දැන්, යාපනය තියෙන තත්ත්වේ වාගේ තමයි යාපනයේ ඉන්න, විග්නේෂ්වරන් මැතිතුමා කියලා තියෙනවා, හැමතැදෙම හමුදාව කරනවා මිනිහෙකුට කිසිදෙයක් කර ගන්න විදියක් නැහැ, අපි අමුතුම පාලනයක් යටතේ ඉන්නේ කියලා.'' යයි ද වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසිය.

    ReplyDelete
  3. ජනපතිගේ වියදම කෝටි 34කින් නගියි !
    මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ජනාධිපතිවරාගේ වියදම් සඳහා රුපියල් තිස්හතරකෝටි හැටහතරලක්ෂ හැටහතරදහස් දෙසියදහයක (රු. 346,464,210) අමතර මුදලක් වෙන්කරගෙන ඇති බව වාර්තා වේ.
    පසුගිය අයවැය මගින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් අටසිය පනස්හයකෝටි අනූඑක්ලක්ෂ හැත්තෑදහසක (රු. 8,569,170,000) මුදලට අමතරව මේ මුදල වෙන්කරගෙන ඇති බව පැවසේ.
    මේ අනුව ජනාධිපතිවරයාගේ මෙම වසරේ මුළු වියදම රුපියල් අටසිය අනූඑක්කෝටි පනස්හයලක්ෂ තිස්හතර හස් දෙසියදහයක් (රු. 8,915,634,210) දක්වා ඉහළ ගොස් තිබේ.
    මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ 2014 වාර්තාව මගින් අමතර මුදල් වෙන් කිරීම පිළිබඳව අනාවරණය ඇත.
    ජනාධිපතිවරයාගේ දිනක වියදම් ඇස්තමෙන්තුව වශයෙන් මුලදී තිබූ රුපියල් දෙකෝටි තිස්හතරලක්ෂ හැත්තෑහත්දහස් එකසියහැත්තෑඅටක (රු. 23,477,178) මුදල රුපියල් දෙකෝටි හතලිස්හතරලක්ෂ විසිහයදහස් තුන්සියඅනූපහ (රු. 24,426,395) දක්වා ඉහළ ගොස් තිබේ.

    ReplyDelete
  4. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා
    ජනාධිපති ජේෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ අතර පවතින
    කුළල් කා ගැනීම අවම කර ගැනීම සඳහා
    ඔවුන් තුන් දෙනාටම
    තමා සමග බදාදා එනම් (02) උදෑසන ආහාරයට පැමිණෙන්නැයි
    ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
    මොවුන් තිදෙනා හා ඔවුන්ගේ කණ්ඩායම් අතර පවතින
    සීතල යුද්ධය මේ වන විට
    රාජපක්ෂ ආණ්ඩුවේ බිඳ වැටීම දක්වා
    වර්ධනය වී ඇත.
    ජනාධිපතිවරයාගේ උපදේශකයන් විසින් මේ පිළිබඳව
    ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු
    මෙම සමථ සාකච්ඡාව මින් ඉදිරියට
    සෑම බදාදා උදෑසනකම පැවැත්වීමට
    ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
    බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ උපදේකයන් පිරිසක්
    ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව
    බැසිල් රාජපක්ෂ අගමැති කිරීමටත්
    ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ උපදේශකයන් පිරිස
    ගෝඨාභය අගමැති කිරීමටත්
    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉහළට ඔසවා තැබීම සඳහා
    ඔහුගේ හිතවතුන් අතර සිදු කෙරෙන සටන
    ප්‍රචාරක යුද්ධයද අභිබවා
    එකිනෙකාට එරෙහි සටනක් බවට
    මේ වන විට පත්වී තිබේ.

    ReplyDelete
  5. අලූත්ගමදී ආණ්ඩුවේ ආරක්ෂක අංශයන්හි ආරක්ෂාව යටතේ ආණ්ඩුව විසින්ම හදා වඩා ගත් ත්‍රස්ත කණ්ඩායම් වන බොදු බල සේනාව සහ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන චම්පික රණවකගේ සිංහල රාවය විසින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සත්‍ය තොරතුරු සැඟවීමට රෙජීමය විසින් මාධ්‍ය ආයතන වෙත රහසිගත ලිපියක් යවා තර්ජනය කර ඇතැයි විපක්ෂ නායක වරයා හෙළි කෙළේය.
    ඔහු එය හෙලි කෙලේ මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවට අයත් සංවිධාන 11 ක් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිකී විපක්ෂනායක වරයා මෙසේ කීය.
    ''මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ නිලධාරීන් සහ ඊට අදාළ මාධ්‍ය සංවිධාන 11 ක නියෝජිතයින් සමගත් විශේෂ සාකච්ඡාවකට සහභාගීවීමට මට අවස්ථාව ලැබුණා. මාධ්‍යවේදීන් මුහුණපාන ප්‍රශ්නත්, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධව තිඛෙන ප්‍රශ්න සම්බන්ධවත් එහිදී සාකච්ඡා වුණා. රාජපක්ෂ රෙජිමය අද මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම නැති කිරීමට ක්‍රියා කරනවා. මාධ්‍යවේදීන් සමග ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අද හැකි වුණා.
    ආණ්ඩුව පුවත් වාරණයක් ඇති කළේ ආණ්ඩුවේ පව් සැඟවීමට මිස සාමය ආරක්ෂා කිරීමට නොවන බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. අලූත්ගම සහ බේරුවල සිදුවීමෙන් පසුව පුවත් පත් වාරණයක් ලෙස ලිපියක් සෑම මාධ්‍ය ආයතනයකටම යවා තිඛෙනවා. එම ලිපිය අනුව ක්‍රියා නොකළහොත් නඩු දමන බවත්, විද්‍යුත් මාධ්‍යවල බලපත්‍රවලට ප්‍රශ්න ඇති වන බවත් එමගින් දන්වා තිඛෙනවා. එමෙන්ම ජනමාධ්‍ය ආයතනවලට කතා කොට ආණ්ඩුව පිළිබඳ ප්‍රවෘත්ති පළ නොකරන ලෙසත් අවවාද කළ බව දැනගන්න ලැබුණා.

    ReplyDelete
  6. මෑතක සිට එජාපයේ පිබිදීම දැක කලබල වී
    ඇති මහින්ද රාජපක්ෂ එජාප නායකයාට
    පුද්ගලිකවම වාග් ප්රහාර එල්ල කිරීමටත්
    එජාප නායකයා යන එන තැන් වලට තමුන්ද
    ලහි ලහියේ යෑමටත් උත්සහ දරමින් සිටී.
    මහින්ද කෙතරම් කලබල වී ඇත්දයත්
    අලුත්ගම ප්රදේශයට මහින්ද වරක් ගොස්
    තිබියදී ඊයේ රනිල් වික්රම සිංහ අලුත්ගම
    ප්රදේශයේ සංචාරය කිරීම ආරංචිවී අද
    නැවතවරක් ජනපති මහින්ද මහතා ලහි
    ලහියේ තමන්ගේ මුහුණ සහිත ටී ශට්
    ඇන්ඳවූ දේශපාලකයන් සමග අලුත්ගමට
    ගියේය. එය ඡන්ද කැම්පේන් එකක්
    කරගන්නට උත්සහ දැරූ මහින්ද
    කියාසිටියේ මේ වසරේ නොයැම්බර්
    හෝ ලබන ජනවාරි මැතිවරණයක්
    දෙනබවයි. තවද ඇස්පනාපිට වූ අලුත්ගම
    සිද්දිය රනිල් විසින් ඇතිකල එකක් යැයි
    කීමටත් ඔහු උනන්දු විය. එහිදී එම
    අවස්තාවට සහභාගී වූ ඇමතිවරු මුහුණෙන්
    මුහුණ බලාගත් අතර නාමල් පමණක්
    අත්පොඩියක් ලාවට ගැසීය. අලුත්ගම
    යායුත්තේ විපතට පත්ව ඇති ජනයාට
    උපකාර කිරීමට මිස ඡන්ද කැම්පේන් කිරීම
    නොවේය. හැමතැනටම සුදු ඇඳන් යන
    ජනපති වරයා අද තම රූපය ඇඳි ටී ශට් ඇඳි
    පිරිසක් අලුත්ගම රැගෙන ගියේ මන්දැයි
    බොහෝ අයට කුතුහලයකි.
    මෙයින් එක කරුණක් පැහැදිලිය. එනම්
    මහින්දට රනිල් සහ එජාපය අබියෝගයක් වී
    ඇතිබවය. නැතිනම් මහින්ද මෙතරම්
    කලබලවනවා කිසිවෙක් මීට පෙර දැක
    නැත.

    ReplyDelete
  7. පොදු වැසිකිලි,පුද්ගලික වැසිකිලි,කැසිකි
    ලි,ගදකිලි,ලැට් වල,
    ඇල,කුනු ඇල,කානු,කුනු කානු,
    පාලම,බොක්කවුව,
    ගුවන් තොට,වරාය,බස් නැවතුම්පොළ,හන්ද
    ියේ බස් නැවතුම,
    නාගරික රථ ගාල,පුද්ගලික රථ ගාල,ත්රී වීල් රථ
    ගාල,කරත්ත පොල,
    හයි වේ,කාපට් පාර,තාර පාර,ගොඨා ගල්
    අල්ලපු පාර,
    කොන්ක්රීට් පාර,ගෝඨා ගල් අල්ලපු වෝකින්
    පාත්,
    ෆුඩ් සිටි,මාලු මාකට්,එලවලු මාකට්,කඩ,පෙට්ටි
    කඩ, පංසල,පල්ලිය,කෝවිල,ඉස්කොලේ,පුස්
    තකාලේ,ක්රීඩා සංකීර්ණේ,ලැබ්
    එක,ඉස්පිරිතාලෙ එකී නොකී හැම ලබ්බම
    මහින්ද රාජපක්ෂ උතුමාණන් විසින් කරවන
    ලද්දක් බව සටහන් කර තමන් විසින්ම විවෘත
    කරගැනීමත්,
    බබාල නැලවීම,බබාල වඩා ගැනීම,බබාලට
    තොත්තු දීම ආදියට වහා ඉදිරිපත් වීමත්,
    උප්පැන්න සහතිකේට,මගුල් සහතිකේට,මරන
    සහතිකේට අත්සන් කිරීමත්,
    කොටහලු මගුලට,මගුලට,දානෙට,පිරිත්
    පිංකමට,ඉස්පිරිතාලෙට,උපවාසෙට,පා
    ගමනට,මරනෙට ඕනම ගුබ්බෑයමක රින්ගීමත්,
    ජාතිවාදය,ආගම් වාදය,දේශපලනය වෙනුවෙන්
    ඇවිස්සීමත්,
    ඒ හැම දේකටම තමන්ගෙ නම උඩින්ම
    කියවාගැනීමත්,
    ඒ මදිවට තමන්ගෙම රූපෙ ගහපු ටී ෂර්ට් අනුන්ට
    බලෙන්ම අන්දවල මෙහෙම ආතල් ගැනීමත්
    එදා මෙදාතුර ලොකේ පහල වුනු හැම
    ඒකාධිපතියෙක්ම කරපු එකම විදියේ මානසික
    රෝගී වැඩ තමයි!

    ReplyDelete
  8. ල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මී ජයවික්‍රම මහත්මියගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දක්වා නැති නමුත්, ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව කොමිසමට ඉදිරිපත් වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඍජුව තීරණ ගැනීමට හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සූදානම් වීම මෙම ස්ථාන මාරුවට මුලික වශයෙන් බලපෑ ඇතැයි එම කොමිසමේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
    පසුගිය ජුනි 24 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් මෙම මාරු කිරීමට අදාළ ලිපිය නිකුත් කර ඇත.
    විවිධ චෝදනා රැසක් එල්ල වී ඇති කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට මාරුවීමක් ලබා නොදී කොමිසමේ පරීක්‍ෂණ කටයුතුවලදී සාර්ථක සහ ඍජුව එම කටයුතු සිදුකළ ඉහළම නිලධාරිනියක මෙලෙස මාරු කිරීම ගැටලුසහගත බව කොමිසමේ බොහෝ නිලධාරීන් පවසති.
    මේ වන විටත් අදාළ තනතුරට පත්කෙරෙන්නේ කවුරුන්ද යන්න හෙළිදරව් වී නැති අතර, අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු නොමැතිව අල්ලස්‌ සම්බන්ධ චෝදනා සඳහා නඩු පැවරීමේ කටයුතු කළ නොහැකි බැවින් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට අක්‍රිය වී තිබේ

    ReplyDelete
  9. එයි මෝඩයා උබ හිතෙන ඒවා විතරක් නෙමෙයි ,රටේ තව මිනිස්සු එක එක දේවල් හිතනවා ඒක නිසා උබට හිතෙන ඒවා විතරක් මෙහම ලියන්න එපා මොකද උබ හරකෙක් කියල හිතයි ,මම කලින් ඒවා දැම්මේ උබට කියවන්න

    ReplyDelete
  10. ගොඩක් හිත රිදිලා වගේ රැවටුණු බව දැනුනාම... :-)

    ReplyDelete